මෙවර අයවැය මගින් යෝජනා කෙරුණු එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව පරාදීසය ණය යෝජනා ක්‍රමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (22) ආරම්භ කිරීමට නියමිතයි.
මේ යටතේ පොලී, සහනාධාර, ණය යෝජනා ක්‍රම 11 ක්, විදේශ ආධාර මත ක්‍රියාත්මක ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 3 ක් සහ මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලසෙන වැඩසටහන් 2 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
සම්මත බැංකු පොලියට වඩා අඩු පොලියක් යටතේ මෙම ණය ලබාදීම විශේෂත්වයක්.
