Gossips

එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා ඇරඹේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කළ එන්ට්‍රප්‍රයිසස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද උදැසන මහජනතාව සදහා විවෘත වුණා.
ඒ විෂය භාර අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන්.
මෙහි නිල සමාරම්භක උත්සවය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.
අදින් ආරම්භ වන මෙම ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා යන තෙදින පුරාවටම උදැසන 10 සිට රාත්‍රී 12 දක්වා පැවත්වෙනවා.
කලාප 12 කින් සමන්විත මෙම ප්‍රදර්ශනයට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 515ක් එක් කර තිබෙනවා.
මෙම ප්‍රදර්ශනය භුමියේ ආසියානු මාධ්‍ය ජාලය නියෝජනය කරමින් හිරු එෆ්.එම්. විශේෂ මැදිරියක්ද ස්ථාපිත කර තිබෙනවා.