70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුළු නියෝජිත පිරිස අද (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.
ජාතික නිදහස් දින සැමරුම් උත්සවයෙන් අනතුරුව ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
