Gossips

එට්නා ගිනිකන්ද මුහුදට තල්ලූවේ

යුරෝපයේ වඩාත් සක්‍රීය ගිනිකන්ද ලෙසින් සැළකෙන එට්නා, මුහුද දෙසට ඇදෙමින් පවතින බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් ප්‍රමුඛ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.
ඉතාලියට අයත් සිසිලි දිවයිනේ පිහිටි මෙම ගිනි කන්ද මධ්‍යධරණී මුහුද දෙසට වසරකට මිලිමීටර 14 බැගින් ඇදී යන බවයි එහිදී හෙළි වී ඇත්තේ.
වසර 11 ක දත්ත එක් රැස් කරමින් මෙම නිගමනයට පැමිණ ඇති අතර, එට්නා ගිනිකන්ද මුහුද දෙසට තල්ලූවන වේගය තවත් වසර 10 කින් දෙගුණ විය හැකි බවද පර්යේෂකයින් මත පළ කර තිබෙනවා.
එට්නා ගිනිකන්ද අවසන් වරට සක්‍රීය වී ඇත්තේ පසුගිය 2015 වසරේ දෙසැම්බර් 3 වනදායි.