Gossips

එජාප සභාපති මලික්ට එරෙහිව සිරිකොත ඉදිරිපිට විරෝධතාවක්

එජාප සභාපති මලික්ට එරෙහිව සිරිකොත ඉදිරිපිට විරෝධතාවක්
නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ද ඊයේ දිවුරුම් දුන් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අද (09) නව අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තා.
ඒ බත්තරමුල්ල සුහුරුපායේදීයි.
මේ අතර, පොල්ගහවෙල ආසනයේ එක්සත් ජාතික පක්ෂ, සාමාජිකයින් පිරිසක් එම පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රමට එරෙහිව සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා.
ඒ ආසන සංවිධායකවරයා නිර්දේශ කළ නම් පළාත් පාලන ආයතන සභික ලැයිස්තුවලට ඇතුළත් කර නොමැති බව පවසමින්.
එහිදී අදහස් පළ කළ පොල්ගහවෙල ආසනයේ එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ සභාපති රුවන් පුෂ්පකුමාර කියා සිටියේ පොල්ගහවෙල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා විසින් තමන්ව සභික ලැයිස්තුවේ දෙවැනියා ලෙස නම් කර යවා තිබියදීත් කිසිවක් නොදන්වා තමන්ගේ නම පක්ෂයේ සභාපතිවරයා විසින් ඉවත් කර ඇති බවයි.
පක්ෂය වෙනුවෙන් කටයුතු කරන තමන්ගේ නම සභික ලැයිස්තුවට ඇතුලත් කරන ලෙසයි උද්ඝෝෂණයේ නිරත වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
එම උද්ඝෝෂණයට එක්වූ ආසන සංවිධායක ඞී.පී.අජිත් රෝහණ සඳහන් කළේ තමන් විසින් නිර්දේශ කර යවන ලද සභික ලැයිස්තුවේ නම් ඉවත් කිරීම පක්ෂ සභාපතිවරයා විසින් සිදුකර ඇත්තේ කිසිදු පදනමකින් තොරව බවයි.