Gossips

එජාප සභාපති ධුරයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂ සභාපති ධුරයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉල්ලා අස්වී තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට සහය දැක්වීම සඳහා තමන් මෙලෙස තනතුරෙන් ඉල්ලා අස්වූ බව ද ඔහු තවදුරටත් සඳහන් කළා.
මීට පෙර මෙම ප්‍රතිසංවිධාන වැඩසටහනට සහය දක්වමින් පක්ෂ මහලේකම් තනතුරෙන් අමාත්‍ය කබීර් හෂීම් ඉවත් වුණා.