Gossips

එජාප සභාපති ඇමති කබීර් හෂීම් ශ්‍රී ලංකන් ජනපති කොමිසම හමුවට

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා අද එහි පැමිණියා.
පෙරවරු 9 ට පමණ එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයා තවදුරටත් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ 2016 ජනවාරි පළමුවනදා සිට 2018 වසරේ ජනවාරි 31 වනදා දක්වා කාලසීමාව තුළ අදාල සමාගම්වල සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහායි.
මීට පෙර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදුන්නා.rn