අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවේ නීතිමය ගැටළු පවතින බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ඒ පිළිබදව පක්ෂ නායක රැස්වීමේදී තමන් ඒ පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමු කළ බවයි.
අග්‍රාමාත්‍යවරයා අගමැති කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීතිවිරෝධී බව පවසා එක්සත් ජාතික පක්ෂය අද මෙම යෝජනාව භාර දී තිබෙනවා.
ඊට අදාළ විවාදය ලබන 29 වන දා පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.
