Gossips

එජාප මහලේකම් වැඩ අරඹයි (ඡායාරූප)

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය මගින් විජයග්‍රහණය කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹුම වැඩසටහන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුවා.
ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (06) රාත්‍රියේ පැවති පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයකින් අනතුරුවයි.
එක්සත් ජාතික පක්ෂයේ මිය ගිය නායකයින්,පක්ෂය වෙනුවෙන් විවිධ කැපකිරීම් සහ විවිධ පරිත්‍යාගයන් සිදුකළ ජනතා නායකයින් සහ සාමාජිකයන් සිහිපත් කරමින් , සියලු පාක්ෂිකයන්ට මෙන් ම රටවැසියන්ට සෙත් පතමින් අද (07) පහන් වනතුරු මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත් වුණා.
අනතුරුව සියක් නමක් විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණේ පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අභිනව මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (07) උදෑසන යෙදුණු සුබ මොහොතින් සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.
ඒ මහා සංඝරත්නයේ ආශිර්වාද සෙත් පිරිත් මධ්‍යයේයි.