Gossips

එජාප මහලේකම් ධුරයට නම් කිහිපයක්

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා මේ වන විට නම් කිහිපයක් යෝජනා වී ඇති බවට වාර්තා වනවා.
දැනට පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධුරය දරණ, මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය නවීන් දිසානායක සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් යන අයගේ නම් යෝජනා වී ඇති බව සඳහන්.
පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය දැරූ අමාත්‍ය කබීර් හෂීම් එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.
මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරය දරන අමාත්‍ය මලික් සමරවික්‍රම ද සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීමටයි කටයුතු කර තිබුණේ.
පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඉඩ සලසමින් ඔවුන් එලෙස තනතුරුවලින් ඉවත්වීමට තීරණය කර තිබුණා.
පක්ෂයේ ඉහළ තනතුරුවලට නම් නිර්දේශ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද රහස් ඡන්දයෙන් පසුගිය දා පත් කර ගනු ලැබුවා.