Gossips

එජාප මන්ත්‍රී සිසිර කුමාරට ඇප

රජයට අයත් කුඹුරු ඉඩමක අනවසරයෙන් වගා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර කුමාර අබේසේකර රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත ඊයේ (02) මුදාහැරුණා.
ඒ අදාළ නඩුව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේදියි.
හලාවත – මුන්නේස්වරම් ප්‍රදේශයේ පිහිටි රජයට අයත් කුඹුරු ඉඩමක් අනවසරයෙන් ගොඩ කර පොල් සහ කෙසෙල් පැල සිටුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
අදාළ ඉඩම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් එකක් වන අතර, ගොවිජන සංවර්ධන පනත උල්ලංඝනය කරමින් මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ.
නඩුව යළි ලබන දෙසැම්බර් 13 වනදා යළි කැඳවීමට නියමිතයි.