Gossips

එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පිහියක් සමග පාර්ලිමේන්තුවේ (ඡායාරූප)

අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එකසත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පිහියක් වැනි යමක් රැගෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පහර දීමට පැමිණි ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට නිකුත් වී තිබෙනවා.
ඔහුගේ ප්‍රහාරයෙන් වැළකීමට ඇතැම් මන්ත්‍රීවරුන් විවිධ ආකාරයෙන් උත්සහ කරන ආකාරයයි එම ඡායාරූප වල දැක්වෙන්නේ.
මන්ත්‍රීවරයා අත තිබු පිහියක් වැනි ආයුධයෙන් ප්‍රහාරයක් එල්ල වූයේ නම් තත්ත්වය දරුණු විය හැකි බවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පැවසුවේ.
මෙම සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල ද මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පිහියක් වැනි ආයුධයක් රැගෙන පාර්ලිමේන්තුවට පැමිණි බවට චෝදනා කළා.


ඡායාරූප – සජීව චින්තක