පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනා එල්ල වූ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අද පෙරවරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
ඒ පහරදීමෙන් දින 4 කට පසුවයි. හිරු වාර්තාකරු සදහන් කළේ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මෙලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි බවයි.
පොලීසිය සදහන් කළේ අධිකරණයට භාර වූ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවයි.
සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ රියදුරු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති එස්.සී මැදිවත්තගේ රාජකාරි නිල රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයෙකුටයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පසුගිය ඉරිදා බණ්ඩාරවෙල නගරයේදී පහරදී තිබුණේ.
rnrn