Gossips

එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීමට කථානායකවරයාගේ අවසරය

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීමට කථානායකවරයාගේ අවසරය හිමි වූ බව පොලීසිය පවසනවා.
මේ අතර, මන්ත්‍රීවරයාගේ ඇමති ආරක්ෂක අංශ පොලිස් නිලධාරියා ද අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (11) දිනයේදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලීසියට අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම, මන්ත්‍රීවරයාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය මගින් කථානායකවරයා ද දැනුවත් කර ඇති බවයි පොලීසිය එහිදී කියා සිටියේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු ඊයේ (11) අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී අධිකරණය නියෝග කළේ අත්අඩංගුවට ගනු ලැබූ මන්ත්‍රීවරයාගේ රියදුරු මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ පහරදීමෙන් තුවාල ලැබුයේ බණ්ඩාරවෙල පොලීසියට අනුයුක්ත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයෙක්.
පහර කෑමෙන් තුවාල ලද කොස්තාපල්වරයා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිස් කොස්තාපල්වරයා ගමන් ගත් වාහනයට බණ්ඩාරවෙල නගරයේදී මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය ඉස්සර කර ඇති අතර, පසුව යළිත් කොස්තාපල්වරයා ගමන් කළ වාහනය මන්ත්‍රීවරයාගේ වාහනයට ඉස්සර කිරීමේ සිද්ධියක් මුල් කරගනිමිනුයි මෙම පහරදීම සිදුකර ඇත්තේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්තගේ රාජකාරි නිල රථයේ ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයෙකුටයි මෙලෙස මන්ත්‍රීවරයා පහරදී ඇත්තේ.