Politics Sri Lanka

එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි නියෝග

එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගන්නැයි නියෝග

සිය නිවසේ නීතිවිරෝධී ලෙස ගිනිඅවි තොගයක් ගබඩා කරගෙන සිටි බවට චෝදනා ලැබ සිටින පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීමට හලාවත මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් මහතා මහතා ඊයේ (22) වරෙන්තුවක් නිකුත් කර තිබේ.

2004 මැයි මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී නිසි බලපත්‍රියක් හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් නොමැතිව ගිනි අවි කිහිපයක් සහ ඒවාට යොදන උණ්ඩ තොගයක් හා ජීව අත්බෝම්බයක් තම නිවසේ තබාගැනීමේ චෝදනාව මත සැකකරු ඇතුළු 06දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

හලාවත පොලීසිය විසින් මෙම ආයුධ තොගය සමග සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණත් ඉන් පස්දෙනෙකු වරද පිළිගෙන තිබුණි.

මේ අතර සැකාකර මන්ත්‍රීවරයා තමන් නිවැරදිකරු බව පැවසීම නිසා ඔහුට එරෙහිව නඩු විභාගයට නියම කර තිබේ.