නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පත් කිරීමෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ තමා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි.
නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42, 4 ව්‍යවස්ථාව අනුව තමා වෙත පැවරී ඇති බලතල අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහු වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළා.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් ද නිකුත් කරනු ලැබුවා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව තමන් තවදුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවයි.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයන් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට අද පෙරවරුවේ රැස්වී නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව සිය විරෝධය පළ කළ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමත් සමඟ පාර්ලිමේන්තුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සියළු පාර්ශවයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
ඊයේ ඇති වූ දේශපාලන පෙරළිය ආරම්භ වූයේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණය කථානායකවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුවයි.
එමෙන්ම පාර්ලිමේන්තුව වහා රැස් කරන ලෙස ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඊයේ ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, කථානායක කාර්යාලය සඳහන් කළේ නීතිපති උපදෙස් ලද වහාම තම ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි.