Gossips

එජාප මන්ත්‍රීවරයෙකුගෙන් ව්‍යාපාරිකයෙකුට තර්ජන

තමන් පාතාල කල්ලි සාමාජිකයෙක් බව පවසමින් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගෙන් පොලීසිය අද (03) ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
එහිදී මොහු ප්‍රකාශ කර ඇත්තේ තමන් විහිළුවට මෙම ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ලබාදී තර්ජනය කළ බවටයි.
ව්‍යාපාරික ගැටළුවක් මුල් කර ගනිමින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට මෙම ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිලි කර තිබුණේ අද (03) උදෑසනයි.