Gossips

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් අද

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වනවා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අත්සන් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදුකරන බවයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාව සඳහා නිදහස් පක්ෂයේ රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතරදෙනෙකු අත්සන් කර තිබුණා