එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ සහ අනෙකුත් සෙසු තනතුරු පිළිබදව හෙට අවසන් තීරණයකට එළඹීමට අද රැස්වූ එම පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු වෙනුවෙන් පත් කළ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් අද පස්වරු 3 ට අරලිය ගහ මන්දිරයේදී ඔවුන් රැස්වූ අතර, පැය දෙකක පමණ කාලයක් එම සාකච්ඡාව පැවැත්වුණා.
අද පැවති සාකච්ඡාවේදී තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නැහැ.