Gossips

එජාප ප්‍රතිසංවිධාන කමිටුව අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය සඳහා පත් කළ කමිටුව අද (11) පස්වරුවේ පළමු වරට අරලියගහ මන්දිරයේදී රැස්වනවා.
පසුගිය ඉරිදා පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන එරාන් වික්‍රමරත්න, රුවන් විජේවර්ධන, අජිත් පී. පෙරේරා ඇතුළු 12 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය අප්‍රේල් මස 30 වනදාට පෙර පත් කිරීමට නියමිතයි.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සහය දැක්වීමක් ලෙස පසුගිය දා එක්සත් ජාතික පක්ෂ සභාපති සහ ලේකම් ධුරවලින් අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් ද ඉවත් වුණා.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවනවා.