අයවැයේදී ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය සම්මත කිරීම සදහා ඡන්දය ලබානොදීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂයට එරෙහිව ඡන්දය ලබාදීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.
rn
