Gossips

එජාප පසුපෙළට වගකීම් පැවරේ

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට වැඩි වගකීම් පැවරීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.
එම පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති ශක්තිමත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව ආසන මට්ටමින් සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.
එසේම ශාඛා සමිති සියල්ල ප්‍රතිසංවිධානය කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.