Gossips

එජාප පසුපෙළට ජවිපෙන් ආරාධනා

2019 අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීම හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
ජන්ද විමසීමේදී සිය ජන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්දයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පක්ෂ කිහිපයකින් විමසීමක් කළා.
ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ තමන් අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කරන බවයි.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් කියා සිටියේ අයවැය ජන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර කියා සිටියේ.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස එය සම්මත කිරීමට සම්පූර්ණ සහය ලබාදෙන බවයි.
එසේම ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.