Gossips

එජාප ජන රැළිය හේතුවෙන් ගාලුමුවදොර අවට රථ වාහන තදබදයක්

එක්සත් ජාතික පක්ෂය, ගාලු මුවදොර පිටියේ සංවිධාන කර ඇති ජන රැළිය හේතුවෙන් මේ වන විට අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ගාලුමුවදොර මාර්ගය කොළඹ ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බවයි.
මීට අමතරව කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ තවත් මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පවතින බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.