Gossips

එජාප කෘත්‍යාධිකාරිය රැස්වේ – රංජන්ගේ කොකේන් වාර්තාව ගැනත් අවධානයට

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කළ කමිටුවේ වාර්තාව අද රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේ කමිටු සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අදාළ වාර්තාව භාර දුන් බවයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව පැවැත්වුණා.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් මේ වනවිට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.
ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සහ පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති.
එමෙන්ම, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාව ද මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කමිටු සභාපති අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙම වාර්තාව අද දිනයේදී කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරනවා.