Gossips

එජාප ඌව පළාත් සභා මන්ත්‍රී ගනේෂමූර්තිට යළි ඇප

රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් දෙලක්ෂ 30,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට යළි අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රී ඒ. ගනේෂමූර්ති ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඔහු බදුල්ල මහේස්ත්‍රාත් මයන්ත සමරතුංග වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි දෙකක් ලැබී තිබූ අතර, ඉන් අනතුරුවයි පොලීසිය ඔහු අත්අඩංගුවට ගත්තේ.