ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හැර වෙනත් කිසිදු නායකයෙකු එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා.
කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර, සිංගප්පූරු වෙළඳ ගිවිසුම තුළින් අග්‍රාමාත්‍යවරයා ඇතුලූ ආණ්ඩුව රට පාවාදීමට කටයුතු කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා නගනවා.
බලංගොඩ ඊයේ පැවති ජනහමුවක් අමතමින් එහි නායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියා.