ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය හැර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කරන සියලු අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බවට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රකාශ කළා.
ඒ අරලියගහ මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.
පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ තීරණයට ඇතැම් අමාත්‍යවරුන් ද සහය දැක්වීමට සූදානමින් සිටින බවයි ඔහු කියා සිටියේ.
