Politics Sri Lanka

එජාප අපේක්ෂකයන්ගේ හිංසාකාරී ප්‍රචාරණයෙන් කම්පනයට පත් දැරියක් රෝහලේ

එජාප අපේක්ෂකයන්ගේ හිංසාකාරී ප්‍රචාරණයෙන් කම්පනයට පත් දැරියක් රෝහලේ

ඡන්දය ඉල්ලා නිවසින් නිවසට යමින් සිටි පිරිසක් විසින් ජනතාවට හිංසාවන ලෙස දල්වන ලද රතිංඤ්ඤයක් හේතුවෙන් කම්පනයට පත්ව ඇති තරුණියක් ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (04) වැනිදා රාත්‍රීයේ පුත්තලම – නල්ලන්දළුව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව ඇත.

ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත්තේ නල්ලන්දළුව පදිංචිව සිටි රිෆායි රිෆා නමැති 16 හැවිරිදි දැරියකි.

කල්පිටිය ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් 04 වැනිදා ඡන්දය ඉල්ලමින් නල්ලන්දළුව ප්‍රදේශයේ ගෙන් ගෙට යමින් සිට තිබේ.

එම අවස්ථාවේදී ඔවුන් විසින් විශාල ප්‍රමාණයේ රතිංඤ්ඤා දල්වා ඇති බවත් එසේ දල්වන ලද එක් රතිංඤ්ඤයක් නිවසක් තුළට විසි කර ඇත.

ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති තරුණියගේ තත්ත්වය බරපතල නොවන නමුත් ඇය දැඩි කම්පනයකට ලක්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.