ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කළ යුතු බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.
කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එසේ නොවුණහොත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාමේ ගැටලුවක් මතු වන බවයි.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍යවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද පස්වරු 7ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.
