පවතින දේශපාලන අර්බුදය පැයක් තුල විසදීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.
අරලියහග මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සහ මෙරට තානාපති කාර්යාල වල නියෝජිතයින් අතර, හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එම පෙරමුණේ නියෝජිතයින් ඔවුන් දැනුවත් කර තිබෙනවා.
