අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සඳහන් කළේ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු තම පෙරමුණේ සාමාජිකයින් රැස්වී සාකච්ඡා කළ කරුණු පිළිබදව දැනුම්වත් කිරීම එහි අරමුණ බවයි.
කෙසේ වෙතත්, මෙතෙක් ඒ සඳහා වේලාවක් ලැබී නොමැති බව ද ඔහු කියා සිටියා.
