එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් අරලියගහ මන්දිරයේදී අද දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ ආණ්ඩුවේ ඉදිරි කටයුතු සහ එළඹෙන පළාත් සභා මැතිවරණය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කිරීමට නියමිත බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත් කෙරුණු දේශපාලන මණ්ඩලය දෙවන වරට අද (19) යළි රැස්වීමට නියමිතයි.
ඒ අනුව පක්ෂයේ තනතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් අද (19) තීරණයක් ගෙන එය මැයි මස 6 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැළියේදී දැනුම් දෙනු ඇති.