Gossips

එජාපෙ නව සන්ධානය මැයි දිනයට පෙර

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයින් දෙදෙනෙකු සිටින බවට තමන් ප්‍රකාශ කළේ යැයි පළවන වාර්තා අසත්‍ය බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එළඹෙන මැයි දිනයට පෙර එක්සත් ජාතික පෙරමුණේ නව සන්ධානය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.