Gossips

එජාපෙ තවමත් ජාතික ආණ්ඩු සාකච්ඡාවේ

ජාතික ආණ්ඩු යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට අදාළව මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
එම යෝජනාවට අදාළ විවාදය මීළග පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙන බවයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මීට පෙර කතානායකවරයාට භාර දුන් මෙම යෝජනාව පිළිබද විවාදය පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබුණ ද ඊට විරෝධය පළ කරන බව විපක්ෂය ප්‍රකාශ කළා.
එහෙත් එම විරෝධය නොතකා විවාදය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළත්, පසුව එදින එම සිදු නොකිරීමටයි ආණ්ඩු පක්ෂය කටයුතු කළේ.
ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත්, අදාළ විවාදය පැවැත්වෙන දිනය මීළග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන බවයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේ.