Gossips

එජාපෙ ජාතික ආණ්ඩු වුවමනාව ගැන, ඩලස්ගෙන් හෙළිදරව්වක්

එක්සත් ජාතික පෙරමුණ යළි ජාතික ආණ්ඩුවකට යාමට තීරණය කර ඇත්නම්, ඒ, ඇමති මණ්ඩලය වැඩිකර ගැනීමේ අරමුණින් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර පසුගිය දිනෙක පැවති තීරණාත්මක රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇති බවට වාර්තා පළ වනවා.
ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් කියා සිටියේ තම පක්ෂය කිසිදු හේතුවක් මත එක්සත් ජාතික පෙරමුණ සමඟ ජාතික ආණ්ඩුවකට එක් නොවන බවයි.