Gossips

එජාපෙ ආණ්ඩුවකට දෙමළ සන්ධානයේ සහය

ඔක්තෝම්බර් 26 වනදාට පෙර පැවති පරිදි එක්සත් ජාතික පෙරමුණේ රජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා තම පක්ෂයේ සහය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ.සුමන්දිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව ලිපියක් යොමුකරමින් දෙමළ ජාතික සන්ධානය මේ බව ප්‍රකාශ කළා.
එහි දැක්වෙන්නේ මාසයකට අධික කාලයක් ගතව ඇතත්, ඔක්තෝම්බර් 26 වනදා අගමැති ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට මේ දක්වා නොහැකි වී ඇති බවයි.
විශ්වාසභංග යෝජනා දෙකකදීම ඔහුට පාර්ලිමේන්තුවේ විශ්වාසය නොමැති බවට සැකයකින් තොරව පෙන්නුම් කර ඇති බව එහි සඳහන්.
එම නිසා පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි, එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධුරයට නම් කරන ලෙස ද අදාළ ලිපියෙන් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.