එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද පස්වරු 6 ට පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියා සිටියේ පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
මෙහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ කැමැත්ත ඇති බවට පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කරගත් යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියා.
එමෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ අතර පාර්ලිිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුවද එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් නොමැති බවයි.
