එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
පවතින අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කරගැනීමේදී එක්සත් ජාතික පෙරමුණ නම් කරන පුද්ගලයෙකුට තමන් සහය දක්වන බවට දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය සම්බන්ධයෙන් ඔහු එහිදී සිය ස්තූතිය පළ කර තිබෙනවා.
එමෙන්ම එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ නම් කිරීමට තීරණය කර ඇති බවයි.
