Gossips

එජාපය සමඟ එක්වන බවට පළවන කටකතා අසත්‍යයි – ප්‍රේමලාල් ජයසේකර

තමා එක්සත් ජාතික පක්ෂය සමග එකතුවන බවට පැතිර ප්‍රචාරයන් අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා.
රත්නපුරේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් ඔහු මේම අදහස් පළකළා.
ප්‍රේමලාල් ජයසේකර – පා.ම. එක්සත් ජනතා නිදහස් සන්ධානය
– වර්තමානය පොදුජන පෙරමුණයි,ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙයි දෙකම එකතුවෙලා ගමනක් යන්නේ. ඉතිං එවැනි අවස්ථාවක මට දැනගන්න ලැබුනා,මගෙන් අහනවා ගොඩක් අය ගියාද ගියාද කියලා. මන් ඇහුවා කොහෙද කියලා.එහෙම තමයි දැනගත්තේ මේ පක්ෂේ මාරුකරලා ගියාද කියන එක.ඇත්ත වශයෙන්ම එදා ඉදලා අපි වමේ,මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක පක්ෂව කටයුතු කළා.මොන ප්‍රශ්න තිබුනත් ඒ හැම ප්‍රශ්නයක් ගැනම අපි ඕන දෙකට සුදානම් වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන්න කටයුතු කළා.ඒ වගේම වර්තමානයේත් කටයුතු කරනවා. අනාගතෙත් කටයුතු කරනවා කියන එක පැහැදිලිවම මතක්කරන්න ඕන.මම සමහරක් අය එක්ක කතා කළා.කතාකලේ මගේ තියෙන ප්‍රශ්න ගැන.ඒ කතා කරද්දී මම එක කරලා දෙන්නන්, මේක කරලා දෙන්නන්, ප්‍රශ්න නිරාකරණය කරලා දෙන්නන්, ඒගැන වගකීම බාරගන්නව, මන් ලග ඒ කියපුවා රේකොඩින් තියෙනවා. කුමන්ත්‍රණයකින් අපේ ආණ්ඩුව අහිමි කරා වගේම ඒ ආකාරයෙන් අපිට වැඩිකලක් නොගිහින් අපට ආණ්ඩුව ගන්න පුළුවන් කමකුත් තියෙනවා කියන එක මතක් කරන්න ඕන.