Gossips

එජාපය පුරවැසි අයිතිවාසිකම් සුරකින බව අජිත් පී. කියයි

එක්සත් ජාතික පක්ෂය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා පවසනවා.
අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැත්තෑව එක වගන්තියට අනුව ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති බවයි.