Gossips

එජාපය, නිව්යෝක් ටයිම්ස් ගැන විවාදයකට සැරසේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකර ඇති හෙළිදරව්ව පිළිබඳව පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
එම පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී අදාළ තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් කියා සිටියේ.
මේ අතර, තනි පුද්ගලයෙකු අත ඇති අත්තනෝමතික බලතල හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීනයට මිලදී ගැනීමට හැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
20 වන සංශෝධනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ඊයේ ක්‍රියාත්මක කෙරුණා.
එම අවස්ථාවට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කළා.
එමෙන්ම අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ ද රත්නපුර – නිවිතිගල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ හෙළිදරව්ව පිළිබදව අදහස් පළ කර සිටියා.