Gossips

එජාපය නායකත්ව අර්බුදය වසා ගැනීමේ කුමන්ත්‍රණයක – පා.ම. ශෙහාන් සේමසිංහ

එක්සත් ජාතික පක්ෂය නායකත්ව අර්බුදයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි තරුණ පෙරමුණ අද කොළඹදී කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.
එහිදී ඔහු ප්‍රකාශ කළේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර අර්බුදය තවදුරටත් ගෙන යාම සඳහා එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන්නේ නායකත්ව අර්බුදය වසා ගැනීමේ අරමුණින් බවයි.
මේ අතර, යුතුකම සංවිධානය විසින් කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට එක්වෙමින් එහි සභාපති ගෙවිඳු කුමාරතුංග කියා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාව මුලා කිරීමක් බවයි.