Gossips

එජාපය තුළ රහස් සාකච්ඡා – හිටපු ජනපති මහින්දගේ නිවසේත් අනිද්දා හමුවක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (02) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවසේදී පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ විශ්වාසභංගය කථානායකවරයාට භාර දුන් දිනයේ සිට මේ දක්වා කාලසීමාව තුළ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන් වූ සිද්ධීන් පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂය තුළ රහස් සාකච්ඡා ද සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, තංගල්ලේ ඊයේ (30) පැවැති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ තවත් සාකච්ඡා වට කිහිපයක් ලබන 02 වන දා සහ 03 වන දා පැවැත්වීමට නියමිත බවයි.
විශ්වාසභංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ අවසන් තීරණය ලබන 03 වනදා ගනු ලබන බව අමාත්‍ය මනෝ ගනේෂන් ඊයේ ප්‍රකාශ කළා.
මේ අතර, එක්සත් ජාතික නිදහස් පෙරමුණ අද (31) මහනුවර නගරයෙන් කොළඹ බලා පා ගමනක් ආරම්භ කළේ අග්‍රාමාත්‍යවරයාට එම ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින්.