Gossips

එජාපය කථානායකට ලියයි – කථානායකගෙන් ජනපතිට ලිපියක්

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සහ පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්ගේ අත්සනින් යුක්තව කථානායක කරූ ජයසූරිය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ වරප්‍රසාද ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහායි.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව ඇතුලූ සියලූ වරප්‍රසාද ඒ අයුරින්ම සහතික කරන ලෙසයි එම ලිපියෙන් ඔවුන් කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
මේ අතර එම ලිපියට ප්‍රතිචාර දක්වමින් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව ඇතුලූ වරප්‍රසාද සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් ලිපියක්ද යොමුකර තිබෙනවා.
මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අතර, විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වුණා.
ඊට පැවති රජයේ කටයුතු කළ සියලූ අමාත්‍යවරුන් සහභාගිවී සිටි බව සඳහන්.