Gossips

එජාපයේ විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නැයි අගමැතිගෙන් දැනුම්දීමක්

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් නියෝජ්‍ය කථානායකවරයාට සහ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 6 දෙනෙකුට එරෙහිව අද පස්වරුවේ කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනා ඉල්ලා අස්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට විරුද්ධවයි මෙම විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂය අද පස්වරුවේ කථානායකවරයා වෙත භාර දී තිබුනේ.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනාට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එම යෝජනාව භාර දුන් බවයි.