Gossips

එජාපයේ විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නැයි අගමැතිගෙන් දැනුම්දීමක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වනවා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයායි මේ බව සඳහන් කර ඇත්තේ.
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට විරුද්ධවයි මෙම විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂය අද පස්වරුවේ කථානායකවරයා වෙත භාර දී තිබුනේ.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනාට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එම යෝජනාව භාර දුන් බවයි.