දැදිගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට වසන්ත සේනානායක පත් කළහොත් තමා අනිවාර්යෙන්ම දේශපාලනයෙන් ඉවත් වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.