Gossips

එජාපයේ යුක්තියේ ජයග්‍රහණය ගාලුමුවදොර

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් පිහිටුවන නව දේශපාලන සන්ධානය ලබන සිකුරාදා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ගාලූමුවදොරපිටියේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ යුක්තියේ ජයග්‍රහණය ජන රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එහි අවසන් කෙටුම්පත මේ වන විට සකස් කරමින් පවතින බවයි.
එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ මෙම ජන රැළියට එක්වීම සඳහා අද පස්වරු 1ට පමණ එම පෙරමුණේ ආධාරකරුවන් ප්‍රධාන මාර්ගයන් කිහිපයක් ඔස්සේ ගාලුමුවදොර පිටියට ළඟා වුණා.
එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් මෙන්ම නිදහස් පක්ෂයෙන් එම පක්ෂයට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි ද එම අවස්ථාවට එක්ව සිටියා.