Gossips

එජාපයේ පාලිත තෙවරප්පෙරුමට සහ හේෂා විතානගේට ඇප

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරුප්පෙරුම සහ හේෂා විතානගේ ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඔවුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන් මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
අද දිනයේ කොල්ලූපිටිය පොලිසිය වෙත භාර වීමෙන් අනතුරුව මෙම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.
අරලියගහ මන්දිරය ආසන්නයේදී පසුගිය 01 වනදා සිදුකළ මෙම පහර දීමෙන් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න තුවාල ලැබූ අතර, අනතුරුව ඔවුන්ට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකර තිබුණා.